22nd July 2022 14:26:43 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම මත, පණ්ඩිරිප්පු විෂන් ළමා නිවාසයේ ළමුන් සහ එහි සිටි ජනතාව වෙනුවෙන් ඇසළ පොහෝ දින ආහාර බෙදාදීමේ වැඩසටහනක් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලදී.
2022 ජුලි 13 වැනි දින දහවල් 12.00 සිට දහවල් 02.00 දක්වා ඔසාකා ලංකා (IOC) ඉන්ධන පිරවුම්හල නින්දවූර් පෝලිමේ සිටින සිවිල් ජනතාව වෙතද මෙම ආහාර පාර්සල් බෙදා දෙන ලදී.
මෙම වැඩසටහන 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එස් ආර් කේ ඩී සිරිසේන ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.