Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2022 11:43:46 Hours

18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් අක්කරෙයිපත්තු සහ කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මස (10) දින “73 වැනි යුද හමුදා සංවත්සර දිනය” ට සමගාමීව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් (අක්කරෙයිපත්තු සහ කල්මුණේ ප්‍රදේශයේදී) පවත්වන ලදී.

මේ සදහා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, ලුතිනන් කර්නල් දර්ශන සිරිසේන, නිළධාරීන් සහ සෙසුනිළයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක් විය.