Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th July 2024 08:37:07 Hours

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කරයි

වෙරළ තීරයන් හි පරිසරය ආරක්‍ෂාකර ගැනීම අරමුණු කරගනිමින් කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 07 දින සිදු කරනු ලැබීය. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරණු ලැබීය. වැඩසටහන අතරතුර දී භටපිරිස් විසින් ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වයට භාදාවක් වූ කවර, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් වැනි සුන්බුන් ඉවත් කරන ලදී.