Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th June 2024 19:51:35 Hours

18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් කල්මුණේ වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කර වෙරළ ආශ්‍රිතව පැල රෝපණයක් කරයි

18 වන බලඇණියවිජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ සංකල්පයකට අනුව ඒකකයේ නිලධාරින් සහ සෙසු නිළයින්, මුලික රෝහල කල්මුණේ කාර්ය මණ්ඩලයේ හා ලයිකා ඥානමි පදනමේ සහභාගිත්වයෙන් යුතුව 2024.06.19 වන දින 0600 පැයේ සිට 0800 පැය දක්වා කාලය තුල අපවිත්‍ර වී තිබු කල්මුණේ වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කර වෙරළ ආශ්‍රිතව පැල රෝපණයක් සිදුකරන ලදි. එම අවස්ථාව සදහා ඒකකයේ 03x30 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා මුලික රෝහල කල්මුණේ කාර්ය මණ්ඩලයේ සහ ලයිකා ඥානම් පදනමේ සාමාජිකයින් 35 ක් පමණ සහභාගි වන ලදි.