Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd March 2023 14:56:51 Hours

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව විසින් අඩු ආදායම්ලාභී දෙමළ පවුල් සඳහා පොල් පැළ බෙදා දෙයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් අනුව, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී මේජර් ලයනල් හේමකුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සංවිධානය කර නැගෙනහිර පළාතේ සිවිල් ජනතාව හා යුධ හමුදා අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීයාත්මක කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් ඉකුත් 2023 මාර්තු 01 දින නාවච්චෝලේ - කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ අඩුආදායම්ලාභි දෙමළ පවුල් වෙත පොල් පැළ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙම පරිත්‍යාග වැඩසටහනේදී ප්‍රදේශයේ පවුල් 50ක් සඳහා පොල් පැල 250ක් බෙදා දී ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක සහභාගි වූ අතර, 221 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් කමල් ජයවීර, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී මේජර් ලයනල් හේමකුමාර සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ නිලධාරීන් හා සෙසුනිලයන්ද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගී වී ඇත.