Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th December 2022 12:51:10 Hours

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණි මූලස්ථානයේ අලුතින් ඉදිකරන ලද ජල පිරිපහදුව විවෘත කරයි.

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමූලුවේ 27 වැනි සංවත්සරයට සමගාමීව, බළඇණියේ සියලුම නිළධාරි සහ සෙසුනිළයින්හට මෙන්ම කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේද පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස රුපියල් 1,000,000/= (රුපියල් මිලියනයක) වටිනාකමකින් යුත් අලුතින් ඉදිකරන ලද ජල පිරිපහදුව (RO Plant) 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණි මූලස්ථානයේදී 2022 දෙසැම්බර් 18 වන දින විවෘත කරන ලදී.

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමූලුවේ අණදෙන නිළධාරී මේජර් ලයනල් හේමකුමාර ගේ ඉල්ලීම පරිදි හොරණ බොඩිලයින් පුද්ගලික සමාගමේ ( Bodyline (Pvt) Ltd) හිමිකරු, චතුර කුලරත්න මහතා මෙම වැඩසටහන සඳහා උපරිම දායකත්වයක් ලබාදුන් අතර, ප්‍රදේශයේ වෙසෙන දෙමළ පවුල් 500 කට මෙමගින් ප්‍රතිලාභ හිමිවේ.

තවද, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ අණදෙන නිලධාරි සහ අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් පුද්ගලයින් සමඟ, පරිත්‍යාගශීලී නියෝජිතායතනයේ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගී විය.