Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd June 2023 15:12:52 Hours

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් ත්‍රීකුණාමළය දිස්ත්‍රීක්කයේ තෝරාගත් පාසල් සිසුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ ප්‍රධානය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා මුලස්ථානය යටතේ පාලනය වන 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි භටපිරිස් විසින් කල්ලරාව ශාන්ත ජෝන්පුර ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ තොරාගත් සිසුන් 27 දෙනෙකු වෙත එක් සිසුවෙක් සදහා රුපියල් 10000.00 වටිනා පාසල් උපාංග සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දිමේ වැඩසටහනක් 2023 මැයි 29 දින එම පාසල් ශ්‍රවණාගාරයේදී සිදුකරණ ලදි.

මෙම වැඩසටහන සදහා පරිත්‍යාගශිලි දායකත්වය අමීෂා ජයකොඩි මහත්මිය විසින් ලබා දුන් අතර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්විම යටතේ 221 පාබල බළසේනාවේ බළසේනාධීපති කර්නල් ඒ කේ පීරිස් ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 17 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි අණදෙන නිලධාරි මේජර් එල් හේමකුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සම්බන්ධිකරණය සිදුකර ඇත.