Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2022 11:09:32 Hours

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් අම්පාර අන්නමලේ “ග්‍රාමීය රෝහල්” පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් අම්පාර අන්නමලේ “ග්‍රාමීය රෝහල්” පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, “73 වැනි යුද හමුදා සංවත්සර දිනය” ට සමගාමීව 2022 ඔක්තෝබර් මස (10) දින පවත්වන ලද මෙම වැඩසටහන සඳහා 16 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී, මේජර් මංජුල අලවත්ත, නිළධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.