Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th August 2022 10:42:20 Hours

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජල ටැංකි බෙදා දෙයි

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් 2022 අගෝස්තු මස 25 වන දින මහඔය ප්‍රදේශයේ පියාසරගම ග්‍රාමයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් හතරක් සඳහා රුපියල් 11,000.00 ක් වටිනාකමකින් යුත් ජල ටැංකි හතරක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කල අතර, විදේශ රටවල ජිවත්වන ධානපතියන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම ජල ටැංකි පරිත්‍යාග කරන ලදි.

මෙම වැඩසටහන සඳහා 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ 2 වන අණදෙන නිළධාරී මේජර් පී ඒ ඒ පී පොන්නම්පෙරුම ජ්‍යෙෂ්ඨ නිළධාරි හා සෙසු නිළයින් සහභාගි වන ලදි.