Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th April 2024 08:29:33 Hours

15වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ලබාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිවිල් ජන සමාජය වෙත සිදු කරනු ලබන මානුෂීය ප්‍රජා සත්කාර වැඩ සටහන් මාලාවට අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා සම්බන්ධීකරණයෙන් 223 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජිව යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් අනුව, 15 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එන්සි මාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ සදහා මූල්‍යමය දායකත්වය ලබාදුන් භාතිය ජයකොඩි මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනා විසින් ලබාදෙන දායකත්වය සහ 15වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රාජකාරි කරනු ලබන නිලධාරී/සෙසුනිළයින්ගේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් යුතුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 228 මොල්ලිපොතාන උතුර ග්‍රාම සේවා වසමේ අංක 118/08, තිස්සපුර, මොල්ලිපොතාන ලිපිනයෙහි පදිංචි අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු වන එච්ඒඒසී දිනේෂ් කුමාර මහතා ඇතුලු පවුලේ සැම වෙත නව නිවසක් ඉදිකර 2024 අප්‍රේල් මස 11වන දින සුභ මොහොතින් භාරදෙන ලදී.

තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජිව යුඑස්පි, 15වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එන්සී මාරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, තඹලගමුව ප්‍රාදේශීය ලේකම්, තඹලගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වන ලදී. මේ සදහා මූල්‍යමය දායකත්වය ලබා දුන් ප්‍රසිද්ධ ගායක භාතිය ජයකොඩි මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින් හා ප්‍රදේශවාසීන්ද සහභාගී වන ලදී.