Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th November 2023 10:34:06 Hours

15 ශ්‍රීලපාහ ඒකක භට පිරිස් දෙමළ පවුලක් පැල්පත් නිවසේ සිට නව නිවසක් වෙත මාරු කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පීය මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති , මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මියගේ ඉල්ලීම පරිදි තම ආබාධිත දියණිය සහ පවුලේ අය සමඟ තඹලගමුව ප්‍රදේශයේ පැල්පත් නිවාසයේ පදිංචිව සිටි වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා මහතා වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද නිවස 2023 නොවැම්බර් 03 වන දින උත්කර්ෂවත් උත්සවයකින් නිවෙස් හිමියා වෙත ප්‍රධානය කරන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා, ප්‍රාදේශීය ලේකම් - තඹලගමුව, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ආරාධිතයින් අතර වූහ. සර්ව ආගමික වතාවන මධයයේ ප්‍රතිලාභීන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් යතුර ලබා දීමෙන් අනතුරුව මෙම අසිරිමත් දිනය සනිටුහන් කිරීම සදහා නැගෙනහිර ආඥාපතිතුමා සහ ප්‍රතිලාභී පවුලේ බාල දියණිය සමඟ නිවස ඉදිරිපිට පැළය රෝපණය කරන ලදී.

මෙම නිවස විවෘත කිරීමේ උත්සවයට සර්ව ආගමික පූජකවරු සහභාගීවී පවුලේ සැමට ආශිර්වාද කළහ. මොල්ලිපොතාන සිංහල පාසලේ, භාරතීපුරම් දෙමළ පාසලේ සහ තඹලගමුව හිග්මා මුස්ලිම් විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික නැටුම් තුනක් ඉදිරිපත් කරන ලදී. 15 ශ්‍රිලපාහ භට පිරිස් විසින් මෙවැනි සත්කාරයක් සඳහා කරන ලද මෙහෙය වෙනුවෙන් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මිය විසින් සමස්ත යුද හමුදාවට සිය කෘතඥතාව පළ කළ අතර, එය ගොඩනැගීමට ශ්‍රම දායකත්වය ලබාදුන් භටපිරිස් වෙත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාගේ අතින් ඇගයීම් සහතිකයක්ද ප්‍රධානය කරන ලදී. අවසානයේ සහභාගී වූ සියලු දෙනා තේ පැන් සංග්‍රහයට සහභාගීවී උත්සවය අවසන් කළහ.

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු මූල්‍යමය සහ ද්‍රව්‍යමය අනුග්‍රහය මත ව්‍යාපෘතිය ඉතා සාර්ථක වූ අතර මෙම නිවස සඳහා වැය වූ මුළු වියදම ලක්ෂ 13.5 කි. 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන් සී මාරසිංහ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ සියලුම නිලයන් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.