?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th September 2025 09:26:10 Hours

15 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් පැවැත්වීම.

15 වන ශ්‍රීලංකා පාබල හමුදා බලප්‍රදේශය ආවරණය වන පරිදි රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් සංවිධානය කරන මෙන් උසස් මුලස්ථානයන් වෙතින් ලබාදෙන ලද උපදෙස් වලට අනුව, ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේජිආර්එන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම යටතේ ඒකක බලප්‍රදේශයේ 96 මොල්ලිපොතාන ග්‍රාමයේ පිහිටා ඇති පුරාණ අග්‍රබෝධි විහාරස්ථානයේදි 2025.09.04 වන දින රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදි.

මෙම රුධිර පරිත්‍යාග කිරිමේ සමාජ සත්කාරක වැඩ සටහනෙහි සමාරම්භක අවස්තාව සදහා 96 ශ්‍රි අග්‍රබෝධි පුරාණ විහාරස්තානයේ විහාරාධිපති පුජ්‍ය ගැමුණුපුර ධම්මසේන නාහිමි, 223 පාබල බලසේනාවේ සිවිල් සම්බණ්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් යුඑම්ටිසි ධර්මසිරි ආර්ඩබ්ලිව්පි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි, මෙම ඒකක දෙවන අණදෙන නිලධාරි මේජර් එම්ඒජිඒ නිලංග ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි, ත්‍රිකුණාමලය ලේ බැංකුවේ වෛද්‍ය එච් රංගල වෛද්‍ය තුමිය, මහජන සෞඛ්‍ය පරික්ෂක එස්එම් අෆ්නාත්, කින්නියා රෝහලේ වෛද්‍ය ආශික් ,තඹලගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රංජන බංඩාර ඇතුලු පිරිසක් සහභාගි වන ලදි.

තවද, මෙම රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහන සර්ථක කර ගැනිම සදහා ලේ බැංකුව ත්‍රිකුණාමලයෙහි වෛද්‍ය වරුන් හා හෙද කාර්යය මණ්ඩලය තම දායකත්වය ලබාදුන් අතර, රුධිරය පරිත්‍යාග කිරිම සදහා ප්‍රදේශයේ යුද්ධ හමුදා කදවුරු වල සේවය කරන නිලධාරි/සෙනින් ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් තම රුධිරය පරිත්‍යාග කිරිම සදහා දායකත්වය ලබාදෙන ලදි.

එමෙන්ම බලප්‍රදේශය තුල මෙම ඒකකය වෙතින් සංවිධානය කරන ලද, මෙම රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩ සටහනේහි රුධිරය පරිත්‍යාග කිරිමට පැමිණි අයවලුන් යුද්ධ හමුදාව වෙතින් පවත්වන ලද මෙවැනි උතුම් සමාජ සත්කාරක වැඩ සටහන් පිලිබදව මෙම ඒකකයට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාවටම තම ස්තුතිය පුදකරන ලදි.