Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th November 2022 18:57:37 Hours

15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වියළි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම් සහ අධීක්ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2022.11.12 වන දින වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

තබලගමුව, මොල්ලිපොතාන ගම්මානයේ පියා මියගිය දිළිදු පවුලක් වෙනුවෙන් ආධාර ඉල්ලා ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් වියළි සලාක සහ පාසල් උපකරණ ඇතුලත් පාර්සල්, 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් “විශේෂඥ සූපවේදී” තිළිණි විතානගේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව එම පවුලේ සමාඡිකයින් වෙත ලබා දෙන ලදී.

තවද, 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.