?
02nd October 2025 15:38:26 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ 232 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටීකේඩී ධර්මසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්එම්වීපී හේරත් 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටෙපිරිස් විසින් 2025 සැප්තැම්බර් 30 වන දින ලෝක ළමා දිනයට සමගාමීව මඩකලපුව වාලච්චේන විවේකානන්ද බාලිකා නිවාසයේ දරුවන් 24 දෙනෙකුට පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 232 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ කටයුතු නිලධාරී ලුතිනන් කර්නල් එල්ජීආර්පීකේ විමලසේන එම්අයිසී 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.