Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2023 08:28:06 Hours

12 ශ්‍රිලංජාආබමු ඒකකය විසින් 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 119ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් පැවැත්වීම

232 වන පාබල බලසේනා මුලස්ථාන අධීක්‍ෂණය යටතේ 12 ශ්‍රිලංජාආබමු ඒකකය විසින් සංවිධානය කරන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 වර්ෂය වෙනුවෙන් ඒකක බලප්‍රදේශයේ පිහිටා ඇති පාසල් 18ක, 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 119 වෙනුවෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අංක 200 ඒ කිහිලිවෙඩ්ඩි ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මඩ/කකු කිහිලිවෙඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේදි හා මඩ/කක ඉරාලක්කුලමි දෙමළ මිශ්‍ර පාසලේදි 2023.10.07 දින හා 2023.10.08 යන දෙදින තුල කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරුඋපදේශිකාවන් වන කනගරත්නම් හා අරුලේන්ද්‍රම් යන දෙපලගේ මෙහෙයවීම යටතේ පවත්වන ලදි

ඒ අනුව අදාල සම්මන්ත්‍රණය සදහා මඩ/කකු කිහිලිවෙඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුවරුන් 15දෙනෙකු හා සිසු සිසුවියන් 119 දෙනෙක් සහ දෙමාපියන් 43 සහභාගිවු අතර, මෙම පාබසේමු හා 12 ශ්‍රිලංජාආබමු ඒකකයේ භඨපිරිස් 04x30 ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් සිදුකර ලදී