Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th December 2023 13:08:36 Hours

12 ශ්‍රිලංඡාආබමු භඨ පිරිස් ගංවතුර ඇති ප්‍රදේශය හරහා ආරක්ෂිතව පුද්ගලයින් ප්‍රවාහනය කරන ලදී

දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රධානම ජලාශයක් වන රෑගම් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හා අවට ජල පෝශක ප්‍රදේශයන් වෙත ඇදහැලෙන අධික වාර්ෂව හේතුවෙන් වාලච්චේන ආරුවෙහි ජල මට්ටම ඉතා සිඝ්‍ර ලෙස ඉහල ගොස් ඇත. එම තත්වය හේතුවෙන් කිරාන් සිට පුලිපංචිකල් හරහා තොප්පිගල, කුඩිම්බිමලේ හා පෙරියවඩ්ඩුවාන් දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවි ඇත. එහි බලපෑම මත කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේඛම් බලප්‍රදේශයේ පිහිටි ගම්මාන රාශියක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.

එමගින් දෛනික ජන ජිවිතයට එල්ලව ඇති තර්ජනය අවමකරලීම සදහා 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම මත 232 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්‍ෂණය යටතේ 12 ශ්‍රිලංජාආබමු ඒකකයේ අණදෙන නිලධාරි මේජර් බිඑම්සී වන්නීනායක ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඒකක භඨපිරිස් යොදවා අධික වැසි තත්වය මධ්‍යයේ සිවිල් වැසියන් ආරක්‍ෂිතව ගංවතුර සහිත ප්‍රදේශයෙන් ප්‍රවාහනය කිරිම හා වාලච්චේන ආරුවෙහි ජලය බැස නොයෙන පරිදි අවහිරව ඇති ස්ථාන පිරිසිදු කිරිම 2023.12.14 වන දින දිනය පුරා සිදු කරන ලදි.