Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th September 2023 13:38:03 Hours

12 ශ්‍රිලංඡාආබමු භට පිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපාංග ලබා දෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයාගේ සංකල්පය වන්නේ දිළිඳු තත්ත්වයන් යටතේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට යම් සහනයක් ලබාදීම සහ අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබාදීමයි.

එම උදාර සංකල්පය ඉදිරියට ගෙනයෑමේ තවත් එක් පියවරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉරාල්කුලම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා රුපියල් 7600.00 බැගින් වටිනා වියළි සලාක මලු 50ක් බෙදා දෙන ලදී. තවද, ඉරල්කුලම් රජයේ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන දරුවන් 41 දෙනෙකුට සහ පෙරියවඩ්ඩුවාන් පාසලේ ඉගෙනුම ලබන ළමුන් 17 දෙනෙකුට රුපියල් 200,000.00 වටිනා පාසල් උපාංග කට්ටල එදිනම පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් මස 23 දින ඉරාල්කුලම් රජයේ මිශ්‍ර පාසලේදී පවත්වන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙහි අණදෙන නිලධාරී මේජර් බිඑම්සි වන්නිනායක විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ප්‍රියන්ත විජේසිංහ, දුෂාන් ජයවර්ධන යන මහත්වරුන්ගේ කාරුණික අනුග්‍රහය මත සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් දායකත්වයෙන් මෙය සිදු විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 232 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරීන්, ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ මෙම උත්සවයට සහභාගී විය. 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙහි අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, දේශීය මාධ්‍ය නියෝජිතයන්, පාසලේ විදුහල්පති, සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.