Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st January 2024 08:54:24 Hours

12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භටපිරිස් විසින් අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

යුද්ධ හමුදාපතිගේ උදාර සංකල්පයක් මත අවශ්‍යතා ඇති පවුල් වෙත යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය මත නිවාස ඉදිකිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ 232 වන පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථානගත 12ශ්‍රිලංජාආබමු ඒකකයේ බී කණ්ඩායම් බලප්‍රදේශයේ ඊරාලක්කුලම් ග්‍රාම නිලධාරි වසමේ එක් පවුලක් වෙත නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම 2024 ජනවාරි මස 26 වන දින 0910 පැයට යෙදුන සුභ මොහොතින් මෙම ඒකක අණදෙන නිලධාරි මේජර් බී එම් සි වන්නිනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදි.

එහි මුලික සැලසුමට අනුව මෙම නිවසෙහි කාමර 2 ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත වන අතර, සම්පුර්ණ ශ්‍රමදායකත්වය එම ඒකක භඨපිරිස් විසින් සපයනු ලැබේ. නිවසේ හිමිකාරිනිය වන වඩිවේල් කෝකිලා මහත්මියගේ ආර්ථික දුෂ්කරතාවයට සහනයක් වශයෙන් හා මෙම වැඩසටහන යුද්ධ හමුදාව හා සිවිල් වැසියන් අතර සංහිදියාව පිළිබද සංකේතයක් ලෙසද සැලකෙන අතර, 232 බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් බි එම් අයි බාලසුරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් යුතුව 232 වන බලසේනාධිපතිගේ මග පෙන්වීම යටතේ සිදු කරයි.