Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2022 11:30:33 Hours

12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ භට පිරිස් පාසල් සිසුන් සදහ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම් යටතේ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ භට පිරිස් විසින් උතුච්චින බිසි/වීරනගර් විද්‍යාලයේ සිසුන් 160 දෙනෙකුට හා ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 15 දෙනෙකුට පල්ලෙකැලේ "නාලන්ද" බෞද්ධ පාසලේ විදුහල්පති පූජ්‍ය කැටකුබුරේ ධර්මාරාම හිමියන්ගේ අනුග්‍රහයෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියශාන් මල්වරගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීවේ ප්‍රනන්දු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, ලුතිතන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිලධාරී මේජර් චන්දන වන්නිනායක ඇතුලු නිළාරින් සෙසු නිලයින් මෙම උත්සවයට සහභාගී විය.