Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2022 10:31:31 Hours

12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස්ගේ මූලිකත්වයෙන් තිකිලිවෙඩ්ඩායි පාසලේ සිසුන් සඳහා පාපැදි ලබා දෙයි.

232 පාබල බලසේනාව සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් විසින් කායන්කුඩා, තිකිලිවෙඩ්ඩායි පාසලේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 15 දෙනෙකු සදහා පාපැදි පරිත්‍යාග කරන ලදි.

232 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් විජේසූරිය ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් දිනේෂ් සේනාරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් දිලිදු පවුල්වල සිසුන් තෝරා ගැනීමෙන් පසු පාපැදි පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. මේ සදහා ජනක සමරසේකර මහතා හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිමාලි දිසානායක මහත්මිය සහ එක්සත් රාජධානියේ වෙසෙන උදය කුමාර මහතා ප්‍රදේශයේ අසරණ සිසුන් සඳහා එම පාපැදි මිලදී ගැනීමට මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරි හා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලුව නිළධාරි සහ සෙසුනිළයන් මෙම වැඩසටහනට සහභාගි විය.