?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd February 2026 18:51:01 Hours

12 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් මඩකලපුව/කල්කුඩා තරවෙයි ශ්‍රී කලෙයිවානි විද්‍යාලයේ පාසැල් ළමුන් සදහා පාසැල් උපකරණ හා දිවා ආහාර වේලක් ලබාදීම

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරගේ උපදෙස් මත 232 පාබල බලසේනාධිපතිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 12 වන බලඇණිය ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ උපදෙස් මත මඩකලපුව/කල්කුඩා කුඩුම්බිමලේ කුමරන් විද්‍යාලයේ පාසැල් ළමුන් වෙත හා මඩකලපුව/කල්කුඩා තරවෙයි ශ්‍රී කලෙයිවානි විද්‍යාලයේ පාසැල් ළමුන් 24 ක් සදහා රු:156,000.00 ක වටිනාකමකින් යුත් පාසැල් උපකරණ කට්ටල 24 ක් බෙදාදීම හා පාසැල් ළමුන්/ගුරුභවතුන් වෙත දිවා ආහාර වේලක් ලබාදීම 2026.01.30 වන දින මඩකලපුව/කල්කුඩාතරවෙයි ශ්‍රී කලෙයිවානි විද්‍යාලයේදි සිදුකරන ලදි.

ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකේඩි ධර්මසේන ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් එල්ජිආර්පිකේ විමලසේන සබුබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 12 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්එම්විපි හේරත් ශ්‍රීලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.

මෙම සමාජ සත්කාර වැඩසටහන සදහා අනුග්‍රාහක දායකත්වය පොළොන්නරුව බටර්ෆ්ලයි සංචාරක ආයතනය විසින් සිදුකරණ ලද අතර, ඒ සදහා එම ඒකකය වෙතින් 4 x 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා සිවිල් වැසියන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ලදි.