Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th November 2022 11:23:43 Hours

12 වන ගැමුණු හේවා බළ ඇණීයේ භට විසින් වියළි සලාක මලු පරිත්‍යාග වැඩසටහනක් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම් සහ අධීක්‍ෂණය යටතේ 12 වන ගැමුණු හේවා බළ ඇණීයේ භට පිරිස්ගේ දායකත්වයෙන් අරලගංවිල මධ්‍යම “මහවැලි” කෙන්ද්‍රස්ථාන පරිශ්‍රයේදී වියළි සලාක මලු පරිත්‍යාග වැඩසටහනක් 2022 නොවැම්බර් 09 දින පැවැත්විණි.

ඒ අනුව, අරලගංවිල සහ දිඹුලාගල ප්‍රදේශවල අඩු ආදායම්ලාභි ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 5000/= බැගින් වටිනා වියළි සලාක මලු 50ක් බෙදා දෙන ලදි. මේ සදහා අනුග්‍රහකත්වය සූපවේදී තිළිණි විතානගේ මහත්මිය හා ඇගේ යෙහෙළියන් විසින් ලබා දෙන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, 232 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත මලවරගේ ජ්‍යෙෂ්ඨ නිළධාරි, ප්‍රධාන සිවිල් සම්බන්ධකරණ නිළධාරි කර්නල් රජිව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරි, සිවිල් සම්බන්ධකරණ නිළධාරි ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිළධාරි, 12 ගැමුණු හේවා බලඇණිය දෙවන අණදෙන නිළධාරී, නිලධාරීන් හා සෙසු නිළයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.