Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th December 2024 23:53:51 Hours

12 වන ගැමුණු හේවා බලකාය දිඹුලාගල බළප්‍රදේශය තුල ජිවත් වන ග්‍රාමිය දුවා දරුවන් හට නත්තල් දිනයට සමගාමිව ත්‍යාග ලබා දිමේ උත්සවයක් පවත්වන ලදි.

දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාල බළප්‍රදේශය තුල ජිවත් වන ග්‍රාමිය දුවා දරුවන් හට නත්තල් දිනයට සමගාමිව දම්මින්න මහා විදුහල ,අලවාකුඹුර මහා විදුහල, විශ්ව මිත්‍ර පෙර පාසල,අරුණ සිගිති පෙර පාසල, දෙව්මිණි පෙර පාසල, පූර්ණිමා පෙර පාසල, පුබුදු පෙර පාසල, මිනිමුතු පෙර පාසල, දිප්ති පෙර පාසල, සමාධි පෙර පාසල, සමුද්ධි පෙර පාසල යන පාසල් සහ පෙර පාසල්හි ඉගෙනුම ලබන සිසුන් සදහා ත්‍යාග ලබා දිමේ උත්සවයක් 2024.12.23 වන දින පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනුර මලන්දෙනිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් සංජය රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි.

තවද, මේ සදහා (විශ්‍රාමික) මේජර් ජේනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හා එම මැතිනියගේ සම්බන්ධීකරණයෙන් Atlas සමාගම හා HEMAS OUTREACH පුද්ගලික ආයතනයන් විසින් මෙම වැඩ සටහන සදහා මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදි.