Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th May 2024 09:32:14 Hours

11වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් අක්කරපත්තුව ශ්‍රී විජයාරාම මූල මහා විහාරයේ වෙසක් පහන් කූඩූ ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි.

විවිධ වූ ජාතීන් වාසය කරනු ලබන අක්කරපත්තුව ප්‍රදේශයේ අධ්‍යාත්මික සහ ආගමික සහජීවනය හා සංහිදියාව වර්ධනය කිරීම සහ බෞද්ධ ජාතීන් විසින් සම්බුදු තෙමඟුල සමරනු ලබන ආකාරය පිළිබඳ ඔවුන් තුල වැටහීමක් ඇති කරලීම උදෙසා මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන 24වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත,241 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 11වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව හා ඒකාබද්ධව, අක්කරපත්තුව ශ්‍රී විජයාරාම මූල මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් වෙසක් පහන් කූඩූ ප්‍රදර්ශනයක් 2024 මැයි මස 23, 24 හා 25 තෙදින තුල විහාරාධිපති හිමියන් වන පූජ්‍ය දේවගොඩ සෝරත හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් යුතුව පවත්වනු ලබයි.

ඒ අනුව, වෙසක් පහන් කූඩූ ප්‍රදර්ශනය විවෘත කිරීම 2024 මැයි මස 23 වන දින 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ඩබලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් සිදු කරන ලදී. ඒ සඳහා බලසේනාධිපති තුමන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ප්‍රභූවරුන් විශාල පිරිසක් සහභාගී වන ලදී. තවද, මෙම උදාරතර කටයුත්ත නැරඹීම සඳහා ප්‍ර‍දේශය හා අවට ප්‍රදේශවල වාසය කරනු ලබන බහුතරයක් වූ මුස්ලිම් හා දමිල ජනතාව එකාවන්ව එකට එක්වි සිටීම සියළුම දෙනාගේම ඇගයීමට හා පැසසුමට ලක් වූ කරුණක් විය.