Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th June 2025 09:41:16 Hours

11 (සෙව්) සිංහ රෙජිමේන්තුව විසිස් වියළි සලාක මලු පරිත්‍යාග කිරීමේ වැඩසටහන පවත්වයි.

ආරක්ෂක සෙනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ, අඛණ්ඩ සිවිල්-හමුදා සම්බන්ධීකරණ කටයුතුවල කොටසක් ලෙස, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුව විසින් වියළි සලාක සහ දිවා ආහාර පැකට් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ ප්‍රදේශයේ ගැබිනි අඩු ආදායම්ලාභී පවුල්වලට සහාය වීමයි. මෙම උත්සවය 2025 ජුනි 23 වන දින කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පැවති අතර 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ප්‍රාදේශීය සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.