?
20th June 2025 09:07:50 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබ්ලිව්සි, පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 241 වන පාබල බලසේනාව යටතේ ඇති 11 (සෙව්) සිංහ රෙජිමේන්තුව 2025 ජුනි මස 18 වන දින පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම පාසල් පිරිසිදු කිරීම සිවිල් ජනතාව හා හමුදා සම්බන්ධීකරණ කටයුතුවල කොටසක් ලෙස සංවිධානය කරන ලද අතර 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ සංකල්පයට අනුව විය. වැඩසටහනේ කොටසක් ලෙස, භට පිරිස් විසින් මඩකලපුව මැටිකූලි දෙමළ ප්‍රාථමික පාසල පිරිසිදු කිරිම සිදුකලහ.