Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th April 2024 14:43:00 Hours

11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මුලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, එම නිවස විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් මස 02 දින පවත්වන ලදී.

11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළදාරි මේජර් ඩී.එම්.එන්. පත්මසිරිගේ අධික්‍ෂණය යටතේ ප්‍රදේශයේ දානපතියන්ගේ අනුග්‍රහය ඇතිව එම ඒකකයේ භටපිරිස් විසින් මෙම නිවස ඉදිකිරීමේ කටයුතු සිදුකරන ලැබීය.

නව නිවස විවෘත කිරීම සනිටුහන් කරමින් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සීගේ සුරතින් නිවසේ යතුර එම පවුල වෙත භාර දෙන ලදී.

243 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම ප්‍රදේශයේ ගම්වාසීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගිවිය