Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd January 2023 17:36:27 Hours

11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පරිහරණය කළ ඉඩම මුල් හිමිකරුට පවරයි.

මන්මුනේ නිරිතදිග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් "කොක්කඩිචෝලි" ප්‍රදේශයේ අංක 128/බී "පඩිප්පලෙයි" ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 2ක ඉඩම 231 පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු‌වේ අනුඛණ්ඩයක් විසින් භාවිතා කරනු ලැබු අතර, එම ඉඩම මුල්හිමිකරුහට පැවරීම සදහා 2022 දෙසැම්බර් 30 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නීත්‍යනුකූලව භාර දෙන ලදී.

තවද, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරි, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මඩකලපුව දිස්ත්‍රික් ඉඩම් ලේකම්, මන්මුනේ නිරිතදිග - සහකාර ප්‍රාදේශීය ලේකම්, ඉඩ‌ෙම් හිමිකරු , නිලධාරීන් සහ සෙසු නිලයින්ද එම අවස්ථාවට සහභාගී විය.