?
08th December 2025 20:18:17 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත අණදෙන නිලධාරී 11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ අධීක්ෂණය යටතේ 2025 දෙසැම්බර් 07 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුර, පන්ඩාරියාවේලි ප්‍රදේශයේ ආපදා තත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍රවු පානිය ජල ළිං භඨ පිරිස් විසින් පිරිසිදු කරන ලදී.
මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතා කර ඇති අතර, බලපෑමට ලක් වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.