Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2022 12:09:53 Hours

11 වන ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් විසින් පාසල් බෑග් බෙදා දෙයි

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් විසින් 2022 මාර්තු 25 වන දින අම්පාර, එරගම නවගුණ සද්ධාතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් සිසුන් 45 දෙනෙකු සඳහා පාසල් බෑග් බෙදා දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

අක්කරේපත්තු දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඒ එල් තවුෆික් මහතාගේ අනුග්‍රහය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක විය.

241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර සිසුන් වෙත පාසල් බෑග් බෙදා දෙන ලදී.

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ, ලුතිනන් කර්නල් ධම්මික වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි, අක්කරපත්තුව හිජ්රා විද්‍යාලයේ විදුහල්පති එම් එච් තාසිම් මහතා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.