22nd July 2022 14:21:15 Hours
231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එන් කේ ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් රු 6000.00 ක වටිනාකමකින් යුත් වියලි සළාක මලු 116 ප්‍රමාණයක් 2022 ජූලි 15 වැනි දින මඩකලපුව දිස්ත්‍රික්කයේ සින්නවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදා දෙන ලදී.
මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය සුරංග පුෂ්පකුමාර මහතා ඇතුළු විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහය ඇතිව සිදු කරන ලදි.
මෙම උත්සව අවස්ථාව සදහා 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී හා අනෙකුත් නිළධාරීන් සහ සෙසුනිළයින් ද සහභාගී විය.