?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st December 2025 09:25:26 Hours

11 (සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් සහන මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දිම

ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව සිංහල මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මත කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 11 (සේව්) සිංහ රෙජිමේන්තුවේ 01x 12ක භඨ පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වන ලදි.

ඒ අනුව 11 (සේ) සිංහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා පාසල් ගොඩනැගිල්ල මතට කඩා වැටුනු ගස කපා ඉවත් කිරිමේ කටයුතු සාර්ථකව සිදු කරන ලදි.