Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd January 2023 20:52:48 Hours

11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අනාථ නිවාස දෙකක ළමුන් සඳහා නත්තල් උත්සවය නිමිත්තෙන් පාසල් උපකරණ බෙදාදී‌මේ වැඩසටහනක් සිදුකරයි.

නත්තල් දිනයට සමගාමීව, කුරුක්කල්මඩම් හි අනාථ නිවාස දෙකක ජීවත් වන ළමුන් 45 දෙනෙකු සඳහා තෑගි බෙදාදීමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් 27 වන දින ෆ්‍රැන්සිස් ඔෆ් ඇසිසි දෙව් මැදුරේදි පවත්වන ලදී.

නත්තල් සැමරුම සඳහා, 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ භට පිරිස්හි අනුග්‍රහය සහ සම්බන්ධීකරණය යටතේ, රුපියල් 2500/= ක් වටිනා පාසල් උපකරණ ඇසුරුම් 45 ක් ළමුන් 45 දෙනෙකුට බෙදාදෙන ලදී.

තවද, 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර්, දිලූප බණ්ඩාර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, 231 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරි, ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ, 11 වන ශ්‍රී ලංකා (ස්වේච්ඡා) සේනාංකයේ අණදෙන නිලධාරී, මේජර් නිමල් පත්මසිරි, නිලධාරීන් සහ සෙසුනිලයින්, කිතුනු බැතිමතුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.