Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th April 2023 10:40:41 Hours

11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කෙවිලියාමඩු ගර්භනී මාතෘ සායන මධ්‍යස්ථාන කාර්යාලය නවීකරණය කරයි

231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, ''අපි මනුස්සයෝ'' පදනමේ සංවිධායක තනෝජ් බියගම මහතා සහ 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි දායකත්වයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක නදීර කහපිටිය මහතා වෙත කෙවිලියාමඩු ගර්භනී මාතෘ සායන මධ්‍යස්ථාන කාර්යාලය නවීකරණය කර 2023.04.07 වන දින භාරදෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ ගැබිණි මව්වරුන් සහ දරුවන් සඳහා දිවා ආහාර වේලක් ලබා දුන් අතර, අදාළ ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයින් 4 දෙනෙකු සඳහා රෝද පුටු 4ක් ද ප්‍රධානය කළහ.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවූ අතර, 231 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි,11(සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරින්,සෙසුනිලයින් පිරිසක්ද, කොහොඹගස්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පඩිප්පලෙයි මහතාද, ගැබිණි මව්වරුන් සහ ළමුන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.