04th August 2022 09:47:15 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බි අමුණුගම ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 242 පාබල බලසේනාවේ සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2022 රුහුණු කතරගම ඇසල පෙරහැර උත්සවයට සමගාමිව පා ගමනින් පැමිණෙන දමිල බැතිමතුන් සදහා 2022 ජූලි 25 වන දින ඔකඳ දේවාල පරිශ්‍රයේදී රාත්‍රී ආහාරය සහ අතුරු පස වශයෙන් අයිස්ක්‍රීම් ද ලබා දුන් අතර මේ සදහා අනුග්‍රාහකත්වය පිළියන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන කමල් හරිස්චන්ද්‍ර මහතා විසින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාව සදහා 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් බිඑස්ජි ප්‍රනාන්දු යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් එම් ඒ ඩබ්ලිව් මුණසිංහ ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා සෙසු නිළයින් සහභාගී වන ලදි.