?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th December 2025 21:29:15 Hours

සේරුවවිල ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා සේවාලංකා පදනම විසින් 243 වන පාබල බලසේනාවට වෙත පරිත්‍යාග කල වියළි සලාක බෙදා දිම

සේවාලංකා පදනම විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් සේරුවාවිල ප්‍රදේශයේ පවුල් සදහා වියළි සලාක තොගයක් බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාව වෙතරුපියල් 100,000.00 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාකපරිත්‍යාග කරන ලදී.

මෙහි මුලික අරමුණු වුයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීම සහ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ඔවුන් හට සහාය වීමයි. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බිඩබ් පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ් ජයවීර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 243 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.

මෙම උත්සවය 2025 දෙසැම්බර් 04 වන දින 1500පැයේ සිට 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 01x 05 භට පිරිස් කණ්ඩායමක් සහභාගීත්වයෙන් පැවැත්විණි. සේවාලංකා පදනමදායකත්වය, 243 පාබල බලසේනාවේ කැපවූ සහයෝගය සමඟින්, සේරුවාවිල ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම, යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.