?
04th December 2025 12:29:28 Hours
සේරුවාවිල ප්‍රදේශයේ මෑත කාලීන ගංවතුරෙන් පීඩාවට පත් පවුල් අතර බෙදා හැරීම සඳහා සේවාලංකා පදනම විසින් 243 පාබල බලසේනාවට රුපියල් 100000 ක් පමණ වටිනා වියළි සලාක තොගයක් නොමසුරුව පරිත්‍යාග කරන ලදී. මෙමගින් අවදානමට ලක්වී සිටිනු ලබන ප්‍රජාවන්ට සහන සැපයීම අරමුණු කර ගන්නා ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජේඑස්බිඩබ් පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ් ජයවීර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 243 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී
2025 දෙසැම්බර් 03 වන දින දහවල් 1230 ට 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ඇතුළු 243 පාබල බලසේනාවේ 04 x 10 භට පිරිසකගේ සහභාගිත්වයෙන් එම වියලි සලාක මළු ලබා ගැනිම සිදුකරන ලදි.
මෙම සේවාව සේරුවාවිල ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්රජාවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලමින් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම.