Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st January 2023 12:16:11 Hours

සිසුන් 77 දෙනෙකු සදහා පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ 23 වන පාබල සේනාංකයට අයත් 234 පාබල බලසේනාවේ භට පිරිස් විසින් රු. 3000.00 ක් වටිනා පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරිමේ වැඩසටහනක් ගල්ඔය මහ විද්‍යාලයේදී බ්‍රහස්පතින්දා (ජනවාරි 19) දින සංවිධානය කරන ලදි. මේ සදහා ගම්පහ ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකු වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ලදි.

7 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි විසින් 234 වන පාබල බලසේනාවේ බලසේනාධිපති චන්දිම කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ මෙම පරිත්‍යාග වැඩසටහන පවත් වන ලදි. මෙම අවස්ථාව සදහා 234 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් උදය නවරත්න, 7 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි නිෂ්ශංක රාමනායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ ඒකකයේ නිලධාරීන්, සෙසු නිලයින් සමග විදුහලේ විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි වන ලදී.