Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
29th July 2024 13:06:12 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෟෂි හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් අත්‍යාවශය ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෘෂි හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 ජූලි මස 21 දින කඩවත්මඩුව ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. බෝධිරුක්ඛාරාම දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් අසූතුන් දෙනකු වෙත ජාතික ඇඳුම් සඳහා රෙදි සහ පොත්පත් ප්‍රධානය සිදු කෙරුනු අතර, ධර්ම ශාලාවේ බිත්තිවල වර්න ගැන්වීම සඳහා අවශ්‍ය තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය විහාරස්ථානයට පරිත්‍යාග කරන ලදී. මෙහිදී මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීම සහ සියලුම දරුදැරියන් වෙත කිරි බෝතල් සමඟ දිවා ආහාර පැකට් බෙදාදීමද මෙම වැඩසවහනක් සිදු විය. මෙම අවස්ථාවට ලලිත් අමරනාත් මහතා සහ එන් ඉලේපෙරුම මහත්මිය විසින් අනුග්‍රාහක දායකත්වය දැක්විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ එම බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගී වූහ.