?
24th November 2025 14:32:23 Hours
යුද හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහයෙන් විශ්‍රාමික සහ ආබාධිත නිලධාරීන් සහ සෙසුනිළයින් සඳහා ඇස් කණ්ණාඩි බෙදා දීමේ විශේෂ වැඩසටහනක් සටන් පුහුණු පාසල (අම්පාර) පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වෂයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උත්සවය සදහා සහභාගි වූහ. මෙම මුලපිරීම විශ්‍රාමික සහ ආබාධිත හමුදා නිලධාරීන්ට සැබවින්ම ලැබිය යුතු සැලකිල්ල හා ගෞරවය අඛණ්ඩව ලැබෙන බව සහතික කරන ලදී.