Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2023 10:04:45 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) විසින් වැඩසටහන් මාලාවක් පවත්වයි

ලෝක ළමා දිනයට සමගාමීව ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ටීසී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ අණදෙන බලඇණිය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වැඩසටහන් සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් මූලික සංකල්පීය මගපෙන්වීම ලබා දෙන ලදී.

මෙම වැඩසටහන් 2023 ඔක්තෝම්බර් 01 සිට 04 දක්වා 4 වන ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 2 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය, 3 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය විසින් පවත්වන ලදී.

4 වන ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකාය මගින් සිදු කළ වැඩසටහන වූයේ හිඟුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ භූමිය පිරිසිදු කිරීම. 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය විසින් රොටවැව වීරමුතු පෙර පාසල පිරිසිදු කර පෙර පාසලේ ළමුන් 25 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී. 2 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය කඳවුර අසල පිහිටි ගිරිතලේ ළමා උද්‍යානයට පැමිණෙන ළමුන් සඳහා කෙටි ආහාර වේලක් සහ තේ පැන් සංග්‍රහයක් ලබා දුන් අතර, ගල්කන්ද පෙර පාසල 3 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය මගින් පිරිසිදු කරන ලදී. තවද, මහරත්මලේ රත්මල් පෙර පාසල සහ මින්නේරිය ළමා උද්‍යානය 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, විසින් පුද්ගලික සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ දේශණයක් පැවැත්වූ අතර, තිඹිරිගසාය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 71 දෙනෙකු සඳහා වෛද්‍ය සායනයක් පවත්වා ආහාර වේලක් ලබාදෙන ලදී.

බළඇණිවල අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් වැඩසටහන් සඳහා උපරිම දායකත්වය ලබා දුන් අතර, පාසල්වල, පෙර පාසල්වල ගුරුවරුන්, දරුවන්ගේ දෙමාපියන් ද මෙම වැඩසටහන් සඳහා පැමිණ සිටි අතර, මෙම වැඩසටහන් ඔවුන්ගේ පැසසුමට ලක්විය.