Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2023 10:10:19 Hours

ලෝක ළමා දිනයට සමගාමීව 23 පාබල සේනාංකය විසින් ළමා සුභසාධන වැඩසටහන්

231 වන පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ ඇති 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව රොටවැව ආලෝකාරාම දහම් පාසලේ සිසුන් 130 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදුන් අතර, දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 22 දෙනෙකු සඳහා 12 වන ගැමුණු හේවා බළඇණිය විසින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථා දෙකේදීම සංගීත විනෝදාස්වාදය සමඟ සිසුන්ට දිවා ආහාරය ලබා දීම ඇතුළත් වූ අතර, බළඇණි දෙකෙහිම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

232 වන පාබල බලසේනාව විසින් කිරන් මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සිසුන් 464 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහ මඩකලපුව දිස්ත්‍රික් කොමසාරිස් ජනරාල් පුනරුත්ථාපන කාර්යාංශයේ සම්බන්ධීකරණ නිලධාරීන් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. කිරාන් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් 09 දෙනෙකු, 232 පාබල බලසේනාවේ සෙසු නිලයින් 10 දෙනෙකු සමඟ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

233 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් වාකරෙයි මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලය අළුත්වැඩියා කර ඇති අතර, ඒ සදහා නිළධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකුගේ සහභාගීවිය. තවද 233 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ කර්නල් කේඑස්පි පොතුපිටිය යුඑසුපි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ගේ මගපෙන්වීම යටතේ නවසේනපුර, වැලිකන්ද. අඩු ආදායම්ලාභී පවුලක් වන කේ එම් මසුර්දීන් මහතාගේ ආබාධිත දියණිය වෙනුවෙන් රෝද පුටුවක් 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී විසින් පරිත්‍යාග කරන ලදී.

එම වැඩසටහන්වල මූලික අරමුණු වූයේ ලෝක ළමා දිනය සමරමින් දරුවන්ගේ සිත්සතන් පිනවාලීමයි. 2023 ඔක්තොම්බර් 01 සහ 02 යන දිනයන්හිදී ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී. ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මගපෙන්වීම යටතේ සහ මේජර් ජෙනරාල් කේවීඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.