?
02nd December 2025 17:40:40 Hours
රට තුල ඇති වු අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට අයත් පොළොන්නරුව දිස්ත්‍රිකයේ අවතැන්වු ඡනතාව වෙත අවශ්‍ය සහන කටයුතු හා නැවත ඔවුන්ගේ ජන ජිවිතය නගාසිටුවීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබද සම්බන්ධිකරණ සාකච්ජාවක් 2025.12.01 වන දින පෙරවරු 1100 පැයට ගරු නිවාස, ඉදිකිරිම් සහ ජාලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් හා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජෙෂ්ඨ නිළධාරි සහ රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යලය තුලදි පවත්වන ලදි.
මේ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරින් මෙන්ම 23 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී ඇතුලු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් සහභාගිවන ලදි. පසුව සම්බන්ධිකරණ සකච්ජාව අවසානයේ ආපදාවන්ට ලක්වු ස්ථානයන් නිරික්ෂණය කිරිම සඳහා ප්‍රදේශය තුල සංචාරයක්ද සිදු කරන ලදි.