Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th July 2024 08:52:14 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් රුක් රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 2024 ජූලි මස 12 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීටීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ බීට්, කජු, කොමඩු සහ කොස් පැල සිටුවන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.