Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th July 2024 07:14:03 Hours

මන්මුනේ උතුර ලිටිල් සිස්ටර්ස් ඔෆ්ද පුවර් වැඩිහිටි නිවාසය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වයි.

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්සිඑස් කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මහපෙන්වීම මත 11(සෙවි) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ඩිඑමිඑන් පත්මසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් යටතේ 2024 ජුලි මස 01 හා 02 යන දෙදින තුල ඒකක බළප්‍රදේශයේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් මන්මුනේ උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ පිහිටි ''ලිටිල් සිස්ටර්ස් ඔෆ්ද පුවර්'' වැඩිහිටි නිවාසය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ඒකකයේ නි/සෙනින් 01×06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.