Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th June 2024 19:48:20 Hours

පොසොන් පොහොය දිනයට සමගාමිව දර්ශණිය පහන් කුඩුවක් සහ දන්සලක් සංවිධානය කිරීම

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එල් සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් අනුව 241 වන පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය සහ මග පෙන්විම යටතේ පොසොන් පොහොය දිනයට සමගාමිව සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර‚ සංහිදියාව තවදුරටත් වැඩිදියුණු කිරිමේ උදාර අදිටනින් යුතුව 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරිගේ සංකල්පයක් මත සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් නීත්ත ශෛලතලාරාම විහරස්ථානයෙහි බෝධි පුජා පිංකමක් පවත්වා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මුලස්ථානය ඉදිරිපිට 2024.06.21 වන දින 1900 පැයේ සිට 2200 පැය දක්වා දර්ශණිය පහන් කූඩුව ප්‍රදර්ශණය කිරිම සහ එයට සමගාමිව කොත්තමල්ලි දන්සලක් පැවැත් විය. මේ සදහා සියයකට අධික ජනතාවක් සහභාගි වු අතර, එය ඔවුන්ගේ නොමද ප්‍රසංශාවට ලක්විය.