Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th June 2023 15:43:20 Hours

පොසොන් පොහොය දිනට සමගාමිව දන්සලක් සංවිධානය කිරීම

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 241 වන පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධීපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා පුර්ණ අධීක්‍ෂණය මත පොසොන් පොහොය දිනට සමගාමිව 241 වන පාබල බළසේනාවේ නිලධාරින් හා සෙසුනිලයින් විසින් අක්කරපත්තුව වෙළද සංගමය, වී මොල් හිමියන්ගේ අනුග්‍රහකත්වයෙන් හා බළසේනාවේ භට පිරිස් විසින් ප්‍රාදේසියව සොයාගන්නා ලද ද්‍රව්‍යයන් උපයෝගි කර ගනිමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද බත් දන්සලක් 241 වන පාබල පාබල බළසේනා මූලස්ථානය ඉදිරිපිටදී 2023.06.03 වන දින 1900 පැයේ සිට 0000 පැය දක්වා පවත්වන ලද අතර, මෙම දන්සල සදහා අක්කරපත්තුව සහ අවට හයසහසකට අධික සිංහල, දමිළ, මුස්ලිම් සහ කතෝලික ප්‍රදේශවාසි ජනතාව සහභාගි වු අතර, මෙම කාර්‍යය ඔහුන්ගේ නොමද ප්‍රසංසාවට ලක්විය.