Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th June 2024 19:45:32 Hours

පුනුරුප්තාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මිය යෑම

වවුනතිවි - කන්නකුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 43ක් වන පුනුරුප්තාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන පී වසන්තන් නැමති අය 2024.06.19 වන දින හදිසියේ මියගොස් ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු 2024.06.20 දින 1000 පැයට පමණ කන්නකුඩා ප්‍රදේශයේදී සිදුකරන ලදී.

එම අවමංගලයෙ උත්සවය සදහා 243 පාබසේමු හා 11 (සෙවි) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් නිලධාරි සහා සෙසුනිලයින් සහභගී වූ අතර අවමංගලය උත්සවය සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් දේහය සදහා අවසන් ගෞරවය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සියලුම ජන‍ කොටස් අතර සහයෝගය සහ සංහිදියාව වර්ධනය කිරිමෙ අරමුනින් මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයා වෙනුවෙන් ගෞරවාන්විත අවසන් කටයුතු 11 (සෙවි) ශ්‍රීලංසිරෙ ඒකකයේ භඨපිරිස් විසින් එම කටයුතු සිදුකිරිම තුලින් හමුදා‍‍වේ ගෞරවාන්විත භාවය පිලිබදව සිවිල් ජනතාව අතර ප්‍රසාදයට ලක් වීමට මෙය ඉවහල් විය.