Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd January 2024 14:19:59 Hours

පාසල් ළමුන් ‍වෙනුවෙන් පොත්පත් සහ පාසල් උපකරණ බෙදාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රෙද්ශයේ ආඥාපති ඉනපෙ (නැගෙනහිර) බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටීඕ සහ කර්නල් ඉනපෙ කර්නල් වයිසිඩිපි පියසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ කර්නල් රෝහණ ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් 2024.01.20 දින දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාශයේ ස්ථාපිත මැදගම මහා විද්‍යාලය අරලගංවිල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය සහ මාදුරුඔය අලවාකුඹුර ධිවර ගම්මානයේ පාසල් ළමුන් 200 ක් පමණ පිරිසකට 2024 වර්ෂයට අවශ්‍ය පාසල් පොත්පත් සහ උපකරණ බෙදාදෙන ලදී.