?
04th December 2025 11:23:06 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කල්මුණේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත කල්මුණේ අෂ්රොෆ් අනුස්මරණ රෝහල,කල්මුණේ මූලික රෝහල, ශ්‍රී සුභද්‍රාරාමය කල්මුණේ සහ කාර්තිව් අවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිවි ජයවීර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2025 දෙසැම්බර් 03 වන දින 241 පබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01x03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.